ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මේ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී, ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු රටට ආනයනය කර ඇති වාහන ප්‍රමාණය, ඒවායේ වටිනාකම් සහ ඒ සඳහා අදාළ වන බදු ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
වාහන ආනයනයේදී එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු විවිධ බදු සංරචක පදනම් කරගනිමින් බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීමත්, රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් මතුවන ගැටලුත් සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම, ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රේගුවට අමතරව රාජ්‍ය ආයතන රැසකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් පවතින ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් අනුමැතීන් ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් සහ සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව සාකච්ඡා විය.
මෙම ප්‍රමාදයන් හේතුවෙන් වරායන්හි බහාලුම් රඳවා තැබීමට සිදුවීමෙන් ආනයනකරුවන්ට අමතර ප්‍රමාද සහ ගබඩා ගාස්තු දැරීමට සිදුවන බව ද මෙහිදී නිලිධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
එබැවින් අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ආනයනික භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
තවද, විද්‍යුත් වාහන ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් පවතින නියාමන හා පාරිසරික ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම විද්‍යුත් වාහනවල බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රට තුළ පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව සාකච්ඡා විය.
විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම ඒවායේ බැටරිවල ආයු කාලය අවසන් වූ පසු බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් සහ රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේතයන් නිසි පරිදි හඳුන්වාදීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.
විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන ලබාගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.
විශේෂයෙන්ම විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.
ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සඳහා අදාළ බදු සහන හා ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු වර්ගීකරණය හා HS කේතයන් යාවත්කාලීන කිරීම මෙන්ම භාවිතයෙන් ඉවත් වන බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
