යේමනයේ හොඩෙයිඩා (Hodeidah) වරාය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ පැය 24ක කාලය තුළ එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව යේමනයේ හූති පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සනා, තායිස්, සාදා, ලාහිජ් සහ හජ්ජා යන ප්‍රදේශ වලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවත් එම ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස අතර දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු සිටින බව හූති පාලනය ප්‍රකාශ කර ඇත.
හොඩෙයිඩා වරායේ අවි ආයුධ ජාවාරම් කිරීම සහ බැලස්ටික් මිසයිල ප්‍රවාහනය සඳහා භාවිත කරන මෙහෙයුම් පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය ප්‍රකාශ කර ඇත.
