මා ඔයේ දියනාමින් සිටි පාසල් සිසුන් 4ක් දියේ ගිලී මරුට.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අද (26) සිසුන් කණ්ඩායමක් අලව්ව ප්‍රදේශයේ මා ඔයේ දියනාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි. 

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පොල්ගහවෙළ ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසක් වන අතර ඔවුන් අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

එම ළමුන් අද පාසැල් ඇරී ඔය ආසන්නයේ පිහිටි මිතුරෙකුගේ නිවසකට ගොස් ඉන් අනතුරුව මා ඔයේ දියනෑමට ගොස් ඇති අතර සිසුන් පිරිස දියේ ගිලී තිබුණේ, අඩි 30ක පමණ ගැඹුරු වළවල් සහිත ස්ථානයක බව සදහන්.

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මිය ගිය සිසුන් 4 දෙනාගේ මෘත දේහ මේවන විට පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close