අමෙරිකාව – ඉරානය අතර පැවැති සාම සාකච්ඡා සඳහා සද්භාවයෙන් පාකිස්තානයට පැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කරයි.
පැය 12කට අධික කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
ඉරානය අමෙරිකාවේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවද උප ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු අමෙරිකාව පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවද සඳහන් කරයි.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද උප ජනාධිපතිවරයා සඳහන් කරයි.

