ඉරාන – අමෙරිකා නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ඉරානය සමග පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
කෙසේ වෙතත් අමෙරිකාව ප්‍රකාශ කළ මෙම සටන් විරාමය තමන් පිළිනොගන්නා බවත් තමන් ක්‍රියා කරන්නේ ජාතික අවශ්‍යතා මත පදනම්ව බවද ඉරාන රජය සඳහන් කර ඇත.


