අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇත.
සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්කාලීන පොලිස් ප්‍රධානියා අනාවරණය කර ඇත්තේ සැකකරු හෝටලයේ ආගන්තුකයෙකු බවයි.
ඔහු දකුණු කැලිෆොනියාවේ ගුරුවරයෙකු සහ වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයෙකු ලෙස සේවය කර ඇති බවත් ඔහු උපකාරක සමාගමක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇත.
තවද අදාළ උපකාරක සමාගමේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මාසයේ ගුරුවරයා ලෙසද ඔහු නම් කර ඇති බවත් මේ වන විට විමර්ශන වලදී හෙළිවී ඇත.
මේ වනවිට එම සැකකරු රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා සඳහන් කරයි.

