එළැඹෙන සතියේ සිට එක්සත් ජනපදයට යුරෝපයෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
සිය වෙළෙඳ ගිවිසුම් සඳහා සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ 25%ක තීරු බද්ද පැනවෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සිය Truth social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපදයේ කම්හල්වල ඔවුන් මෝටර් රථ සහ ට්‍රක් රථ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරු බද්දක් පැනවෙන්නේ නැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.


