ඉස්තාන්බුල්හි හෝටලයක නවාතැන් ගෙන සිටියදී විෂ සහිත පළිබෝධ නාශක දුමාරයකට නිරාවරණය වීම හේතුවෙන් එකම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකු මියගොස් ඇත.
පළිබෝධකයින් පාලනය කිරීමට භාවිත කරන ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන “ෆොෆීන් වායුව” ඔවුන්ගේ සිරුරු තුළ ඉහළ ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.
මෙම මරණ හේතුවෙන් පළිබෝධනාශක සමාගමේ පුද්ගලයින් සහ හෝටලයේ හිමිකරු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
