ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයින් කුවේටයෙන් පන්නයි

දිගින් දිගටම එල්ල වන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේටයේ සිටින ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු රටින් පිටුවහල් කිරීමට සහ කුවේටයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සීමා කිරීමට පියවර ගෙන ඇත.

තවද කිසිදු රටකට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන්ගේ භූමිය හෝ ගුවන් සීමාව භාවිත කිරීමට ඉඩ ලබාදී නොමැති බව කුවේටය අවධාරණය කර ඇත.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය හමාඩ් සුලෙයිමාන් අල්-මෂාන් විසින් කුවේටයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රධානී හමීඩ් යකුබි ෆාර් වෙත මෙම ප්‍රහාර සම්බන්ධයෙන් නිල විරෝධතා පත්‍රයක් භාර දුන් බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉරාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු පිළිගත නොහැකි පුද්ගලයින් (persona non grata) ලෙස ප්‍රකාශයට පත් කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇත.

පැය 24ක් ඇතුළත ඔවුන්ට රටින් පිටවන ලෙසද කුවේට් රජය නියෝග කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments