පිලිපීනයට රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් එරට වේලාවෙන් අද (08) උදෑසන සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 129 දෙනෙක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර ඇත.
