ඉරානයට එරෙහිව ඉදිරි සති දෙක ඇතුළත අමෙරිකාව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“අපි දැන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා, ඔවුන් ඉතා හොඳ ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් අපට සියල්ල ලබාදීමට සූදානම්, ඔවුන්ට න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් සූදානම්.”
“මම හිතන්නේ අපි ඒ සටන ජයග්‍රහණය කරමින් ඉන්නවා. නමුත් ඉදිරි සති දෙක තුළ අපි සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන විට ඔබ සැබවින්ම එය ජය ගනු ඇත. එය සම්පූර්ණ ජයග්‍රහණයක් වනු ඇති අතර එය ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එවිට තෙල් මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇත.”
