ඉන්ධන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර

LIVE

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කළ බවට චෝදනා කරමින්, ඉරානය ප්‍රහාරයක් එල්ල කර ඇත.

ටෝගෝ රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ මෙම ඉන්ධන නෞකාවට එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

එල්ල වූ ප්‍රහාරයත් සමඟ නෞකාවේ හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති අතර ඉන් පසුව එහි ගමන් මග සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

1 Comment
Most Voted
Newest Oldest