අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ රාජ්‍ය සමුළුව (24) දින වොෂින්ටන් හි ධවල මන්දිරයේදී පැවැත්විණි.
මෙම සමුළුවේ ආසන්නතම ආර්ථික ප්‍රතිඵලය වූයේ අමෙරිකාව – චීනය වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් හිමිවීමයි.
එහිදී අමෙරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික විරාමය 2027 ජනවාරි (10) වැනිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟ විය.
ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ තීරුබදු තාවකාලිකව අත්හිටුවීමේ ගිවිසුම 2027 ජනවාරි (10) වැනිදා දක්වා තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට දෙරට එකඟ වූ බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) තහවුරු කරයි.
මෙමගින් මූලික ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබී නොමැති අතර අමෙරිකානු සෝයා බෝංචි මිලදී ගැනීමේ ඉලක්ක චීනය සපුරාලමින් සිටියද, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සහ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare-earth minerals) අපනයනය සම්බන්ධයෙන් වූ පොරොන්දු ඉටුකිරීමේදී චීනය පසුපසින් සිටින බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.
ලොව විශාලතම ආර්ථිකයන් හිමිකරුවන් වන දෙරට අතර පවතින සබඳතා සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුවිය.
එහෙත්, වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇත.
