රථවාහන වැරදි වලට ලකුණු කපයි.. රජය ගත් තීරණය

LIVE

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ‘DEMERIT SYSTEM’ හඳුන්වාදීමට තීරණය කර ඇත.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ මාර්තු (31) වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මෙම ක්‍රමය හරහා වැරදි කරන ප්‍රමාණය වැඩි නම්, සිදුකළ වැරදි වල දරුණු බව වැඩි නම් එම රියදුරන්ගේ ලකුණු බිංදුව වු විට යම් කාලයකට රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමේ බලය අදාළ නීතිය මගින් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

වසර දෙකක කාලයක් සඳහා රියදුරන් සඳහා නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහමඟ සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලකුණු අඩුකිරීමට එමඟින් අපේක්ෂිතයි.

රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වනවිට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest