LIVE
ක්‍රිෂ් ගණුදෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බව කියන චෝදනාවට අදාළව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ සැකකරුවෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර ඇත.
මෝෂන් පත්‍රයක් ගොනු කරමින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කිරීමට අවසර ලබාදුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කිරීම හේතුවෙන් අද (29) දින එම නඩුකරය විවෘත අධිකරණයේ කැඳවීමට නියමිත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

