LIVE
පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක්කර ඇත.
ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි.
සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා යන ගමන සාර්ථක වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

