බෝග 13කට ලබාදෙන සහනාධාරය දෙගුණයකින් වැඩි කරයි

බෝග 13ක් සඳහා ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබාදෙන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වී ඇතුළු බෝග 13ක් සඳහා හෙක්ටයාර දෙකකට රුපියල් 60,000ක සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

එම සහනාධාර මුදල පෙර පැවතුණේ රුපියල් 30,000ක් ලෙස බවත් එය දෙගුණයකින් ඉහළ දැමු බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

මීට පෙර වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කළ ගොවීන්ට කිසිදු සහනාධාරයක් නොලැබුණු පසුබිමක, එම ගොවීන්ට ද සහනාධාර ලබාදීමට පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest