“මට අධිකරණ නියෝග වැඩක් නෑ.. මම ඉන්නේ මට ඕන විදිහට” කස්සප හිමි මෝඩකම පෙන්වයි

මේ වනවිට මාරාන්තික උපවාසයක නිරත වන බලංගොඩ කස්සප හිමිට හෙට (13) දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් සිදුකර ඇත.

කොළඹ විහාර මහාදේවි උද්‍යාන පරිශ්‍රය තුළදී සත්‍යග්‍රහයේදී ඇති වූ නොසන්සුන්තාවයේදී පොලිස් නිලධාරින් විසින් තමන්ට පහරදුන් බවට මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව හෙට (13) දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ඉහත ප්‍රකාශය ලබාදෙන ලෙසට, උඩමලුව පොලිස් ස්ථානය හරහා කස්සප හිමිට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, තමන් කිසිදු අධිකරණ නියෝගයක් පිළිනොපදින බවත් තමාට කිසිදු අධිකරණ නියෝගයක් භාරදිය නොහැකි බවත් තමන්ට නියෝග දිය හැක්කේ සංඝ අධිකරණය පමණක් බව බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.

මේ අතර බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව ඊයේ (11) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel