ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වනවිට 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
*වසර 68 කට පසු අඩුම අයවැය අගය වාර්තා කළා.
*2025 වසරේ දී ජංගම ගිණුම ඩොලර් මිලියන 1,719ක ඉතිහාසයේ ඉහළම අතිරික්තයක්.
*මැදපෙරදිග යුද්ධය අපෙගේ බලශක්ති වෙළෙඳපොළට බලපෑම් කළ අතර ඒ වෙනුවෙන් මෙරට ජනතාවට සහනාධාර වෙනුවෙන් බිලියන 144ක් වැය කරා.
*අපගේ ඉලක්කය වන්නේ ආර්ථික කළමනාකරණය මෙන්ම අනාගත පරපුරට මින් ඉදිරියට අතීතයේ මෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.
*මේ වසරේ ඩොලර් බිලියන 9 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
*2022 අවසන් විට පැවති ණය ප්‍රමාණය 2025 අවසානය වනවිට 95%ක් දක්වා අඩුකරගැනීමට සමත් වුණා.
*2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීමට වැය වුණා. 2025 වසර වනවිට එය 45.9% දක්වාත් 2026 සැප්තැම්බර් වනවිට 39.6% දක්වාත් තවදුරටත් අඩුකිරීමට හැකි වුණා.
*2022 දී රාජ්‍ය ව්‍යවසායන් 52ක් වෙනුවෙන් වාර්තා කළ රුපියල් බිලියන 744.6ක සමස්ත බද්දට පෙර සුද්ද අලාභය 2025 දී රුපියල් බිලියන 44.4 ලාභයක් බවට පත් කළා. මහා භාණ්ඩාගාරයට තිබුණු පීඩනය අඩු කරා. 2026 අගෝස්තු අවසානයේ රුපියල් බිලියන 367 බදු පෙර ලාභයක් රාජ්‍ය ආයතන වාර්තා කළා.
*2018 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රුපියල් බිලියන 528ක්. භාණ්ඩාගාරයට බරක් වෙලා. විසඳුම් හොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා.
*ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා 2025 සමස්ත ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 4042ක්. 2026 සැප්තැම්බර් වනවිට එයට ඩොලර් මිලියන 4487ක් වැය වුණා.
*වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම තුළ විදෙස් සංචිත 2026 ඔක්තෝබර් ඩොලර් බිලියන 7 ඉක්මවයි. මේ වනවිට ඩොලර් 1.5ක LC විවෘත කරලා. ඩොලර් බිලියන 2කට වැඩි වැය බරක් ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදුවෙනවා.
*රාජ්‍ය බැංකු පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2024 හා සංසන්දනය කිරීමේදී 25%කින් ඉහළ ගියා.
*පසුගිය වසර 2ක තුළ ආර්ථික, සමාජීය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක්. 2026 වන විට රේටින් සමාගම් මඟින් CC+ සිට B- දක්වා ඉහළ නංවා තිබෙනවා. බංකොළොත් වෙලා තිබුණ රටක්.
