රුපියල් 25,000ක සහනාධාරයක්.. බද්ද ඉවත් කරයි

*බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පියවර රැසක්.

*සූර්ය පැනල ස්ථාපිත කිරීමට නව වැඩපිළිවෙලක්.

*අඛණ්ඩව විදුලිබල සැපයුමක් සාධාරණ මිලකට.

2027 අයවැය යෝජනා =

*ජාතික තනි ආයෝජන කවුළුව නිර්මාණයට උපදෙස් සමාගමක් ලබාගැනීම වෙනුවෙන් ලංසු කැඳවා තිබෙනවා. එය ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100ක්.

*යුරෝපා සංගම් ප්‍රධාන යටතේ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා 2027 – 2030 කාලය තුළ රුපියල් මිලියන 3,430ක ශ්‍රී ලංකා – යුරෝපා සංගම් තිරසාර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

*ශ්‍රී ලංකා රේගුවේ ස්කෑන් පද්ධතිය පුළුල් කිරීම සඳහා ස්ථිර ස්කෑන් යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබාගැනීම සඳහා රුපියල් මිලියන 1,000ක්.

*වරාය අතර වෙළෙඳ ගනුදෙනු – ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපනයට යොමු කිරීම සඳහා දැනට පවතින අපනයන සඳහා ආනයන කරන ලද භාණ්ඩ බදු සහන නිෂ්කාෂණ ක්‍රියාවලිය නවීකරණයට යෝජනාවක්.

බලශක්ති ක්ෂේත්‍රයේ අලුත්ම වෙනසක් =

*බලශක්තිය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් අවශ්‍යයි. එයට අවශ්‍ය සැලසුම් මෙවර අයවැයට ඇතුළත් කරා. 2029 වනවිට පුනර්ජනනීය 69% දක්වා වැඩි කිරීමට සැලසුම්.

*පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 26.5ක ආයෝජනයක්.

*පාදුක්ක 220KV ජාල උපපොළෙහි මෙ.වො. 300 ධාරිතාවෙන් යුත් පහසුකමක් ආරම්භ කර 2029දී අවසන් කිරීම.

*ජාල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට නව හබරන හා මන්නාරම ස්ථානවල මෙ.වො.ඇ. 75 බැගින් වූ සමූර්ථ ධාරිත්‍ර 2ක් ස්ථාපිත කෙරේ.

*දහවල් ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරීම 2029 වනවට සමස්ත බැටරි ප්‍රමාණය මෙ.වො. 1245ක් වන ලෙස සැලසුම් කෙරේ.

*බැටරි ගබඩා පහසුකම් සහිත වහළ මත සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා බලශක්ති ගබඩා කිරීමට අවශ්‍ය බැටරි මිලදී ගැනීමට සහනාධාරයක්.

*බැටරි ධාරිතාව කි.වො. 1 සඳහා රුපියල් 25,000ක සහනාධාරයක්. එය කි.වො. 10ක් දක්වා උපරිම රුපියල් 250,000ක් ලබාදීමට යෝජනා. මේ වෙනුවෙන් රු.මි. 3500ක්

*සූර්ය බලශක්ති ගබඩා කිරීමට යොදාගැනෙන බැටරි සඳහා ආනයනයේදී අයකරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (10%) ඉවත් කෙරේ.

*මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ඉන්ධන ගවේෂණයට පෙබරවාරියෙන් පසු ආයෝජන කැඳවයි. ඉන්ධන ගොඩ බෑමට කොලොන්නාවේ සිට කොළඹට නල පද්ධතියක්.

*සපුගස්කන්ද ඉන්ධන පිරි පහදුව මෙට්‍රික් ටොන් පනස්දහසේ සිට ලක්ෂයක ධාරිතාව දක්වා ඉහල නංවනවා. මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන සපයන්න නව නල මාර්ගයක්.

*විදුලි ඒකක එකසිය අසූවට වැඩි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට ආසියා සංවර්ධන බැංකු ප්‍රදානය මත සුහුරු මීටර.

*ඉන්ධන ගබඩා ධාරිතාව දින හතළිස් පහක් දක්වා වැඩි කරයි.

*නොරොච්චෝලේ බලාගාරයට මේගා වොට් තිහක බැටරි ගබඩා පද්ධතියක්.

*ජලාශ දහයක සූර්ය පැනල පද්ධති ස්ථාපිත කරයි. රාජ්‍ය හා පෞද්ගලික සහායෙන් එය සිදුකෙරෙනවා. අඛණ්ඩ විදුලි සැපයුමක් සාධාරණ මිලකට ලබා දෙනවා.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel