ප්‍රවාහනයේ නව වෙනසක්.. සංචාරක කලාපයක්

*දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය කිරීම, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 95,000ක්.

*කොළඹ ආශ්‍රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනයටත්.

*පුද්ගලික අංශය ද මෙට්‍රෝ බස් යෙදවීම දිරිමත් කිරීමට දැනට මාර්ග බලපත්‍ර හිමියන්ට දැනට පවතින බස් රථ වෙනුවට පත්ල පහත නවීන බස් රථයක් ධාවනයට දිරිමත් කරනවා.

*විදුලි බස් රථ හඳුන්වා දීමටත් අපි සැලසුම් කර තිබෙනවා.

*කඳුකරයට ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1,000ක්.

*ග්‍රාමීය ප්‍රදේශ සඳහා ආසන 33 ප්‍රමාණයේ කුඩා බස් රථ 200ක් ලබා ගැනීමට රුපියල් මිලියන 4,000ක්

*මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 600ක්.

*රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක්.

*නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක්.

*දුර ගමන් සේවා මගින් සුව පහසු සහ ආරක්ෂිත සේවාවක් සැපයීම සඳහා වායු සමනය කරන ලද බස් රථ 600 ක් අවශ්‍ය කිරීම සඳහා දැනටමත් කටයුතු කර ඇත.

*බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ විවෘත කිරීම, ආරෝපණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, පුහුණුව ලබාදීම ආදී කටයුතු ලබන වර්ෂයේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 4,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

*දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක්.

*නිසි පරිදි නඩත්තුවට ලක් නොවූ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමට 2027 වර්ෂයේ රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

*මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමුවැනි කාර්තුව ඇතුළත ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.

*උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර 2027 වසරේ මැද භාගය වන විට බදුල්ල දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය =

*මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 2,245කි.

*සිංහරාජ සදාහරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කරගනිමින්, Southern Mist Triangle ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට රුපියල් මිලියන 300ක්.

*මධ්‍යගත මාර්ගගත ඊ – ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රුපියල් මිලියන 133ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රුපියල් මිලියන 35ක් වෙන් කරේ.

*කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඓතිහාසික හා පෞරාණික ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා.

*ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට විශේෂිත පුහුණුවක් ලබාදීම, බහුභාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව විශේෂ මුර සංචාර ඒකක පිහිටුවීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් හා ජංගම යෙදුමක් හඳුන්වාදීම මඟින් සංචාරකයන්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසීම.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel