*ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්.
*මුල් අදියර ටොරින්ටන් ක්‍රීඩාංගනය ආශ්‍රිතව. දෙවන අදියර දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ. ඒ සඳහා රුපියල් මිලියන 300ක්.
*සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ හා සුගතදාස ධාවන පථය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,500ක්.
*අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ මී. 400 කෘත්‍රිම ධාවන පථය ඇතුළු ඉදිකිරීම සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 50, රුපියල් මිලියන 1,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා.
ජාත්‍යන්තර ක්‍රීඩා තරගවල ජයග්‍රහණ වෙනුවෙන් රජයෙන් ඇගයීම් දීමනා ලබාදීම =
*ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්,
*ලෝක මළල ක්‍රීඩා උළලේ රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්,
*පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 75ක්,
*ආසියානු රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 50ක්,
*සාර්ක් රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 15ක්,
*මීට අනුරූපී වන එම තරඟවල රිදී සහ ලෝකඩ පදක්කම් සහ අනෙකුත් ජාත්‍යන්තර තරඟ වෙනුවෙන් ඇගයීම් දීමනා ලබාදීමට කටයුතු කරනවා.
*තරුණ දේශපාලන නායකත්ව ඇකඩමියක් රුපියල් මිලියන 208ක ඇස්තමේන්තු වියදමකින් ස්ථාපනය කිරීම සඳහා 2027 වසරට මිලියන 77.5ක් වෙන් කිරීම.
