අමෙරිකාවේ ගුවන් ගමන් පිටත්වීමේ තහනම ඉවතට

අමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය (FAA) විසින් රටපුරා පනවා තිබූ ගුවන් ගමන් පිටත්වීමේ තහනම ඉවත්කර ඇත.

ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල ඇතිවූ සන්නිවේදන දෝෂයක් හේතුවෙන් ගුවන්තොටුපළ රැසක දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

FlightRadar24 දත්ත වලට අනුව මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් ගුවන් ගමන් 4,700කට වඩා අවලංගු කර ඇති අතර ගුවන් ගමන් 10,000ක් පමණ ප්‍රමාද වී ඇත.

තවද අද දිනය සඳහා නියමිතව තිබූ ගුවන් ගමන් 700කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කිරීමටද සිදුව ඇත.

පැය 4කට වඩා වැඩි කාලයක් පැවැති මෙම අත්හිටුවීමෙන් පසුව, සියලු ගුවන් සමාගම්වල ගුවන්ගමන් කාලසටහන් යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බව ගුවන්සේවා විශ්ලේෂකයෝ සඳහන් කරයි.

මෙම සන්නිවේදන බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කරයි.

2001 සැප්තැම්බර් (11) ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවේ සිදුවූ දීර්ඝතම ගුවන් ගමන් අත්හිටුවීම ලෙස මෙය සැලකේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel