අද (16) දින හිටපු අමාත්‍ය විමල් වීරවංශට අභියාචනාධිකරණය විසින් යළිත් නොතීසි නියෝගයක් නිකුත් කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා විමල් වීරවංශට නොවැම්බර් (30) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළිත් නොතීසි නියෝගයක් නිකුත් කර ඇත.
විමල් වීරවංශ විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙරද විමල් වීරවංශට නොතීසි නිකුත් කර තිබුණද, අදාළ දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එළඹෙන නොවැම්බර් (30) වන දින කරුණු දැක්වීම සඳහා මෙලෙස යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
