ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධව පවරා ඇති නඩුව සඳහා බලංගොඩ කස්සප හිමි අද (17) දින නැවතත් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එහිදී බලංගොඩ කස්සප හිමි සිය නීතිඥවරයා මාර්ගයෙන් ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුර අධිකරණයේ විනිසුරුවරයාට අපහාසාත්මක ලෙස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
ඒ අනුව අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි අද (17) දින ඇප මත මුදාහැර ඇත.
ලබාදී තිබූ කොන්දේසි සහිත ඇප කොන්දේසි උල්ලංඝනය කර ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුරයේ විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ කළ අතර එම වැරදි දෙකටම සමාව අයැද සිටිම හේතුවෙන් මෙලෙස ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කර ඇත.
