ගාස්තු සංශෝධනය කරයි.. බුද්ධිමය දේපළ නියෝග

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් එහි සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු 2019-10-27 දිනැති හා අංක 2146/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝග මඟින් අවසන් වරට සංශෝධනය කරනු ලැබ තිබේ.

වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන පරිදි එම ගාස්තු තවදුරටත් සංශෝධනය කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන අනුව සාදනු ලැබ ඇති 2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග, 2026-10-06 දිනැති හා අංක 2509/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel