චාමර ඇතුළට.. දිනේෂ් අත්අඩංගුවට ගන්න වරෙන්තු

දූෂණ චෝදනාවක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි තවදුරටත් ලබන (27) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) දින නියම කළේය.

චාමර සම්පත් දසනායකගේ පුද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

තවද, අදාළ නඩුකරයේ හතරවන සැකකරුවකු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel