සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත.. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් 26ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය පසුගිය නොවැම්බර් (09) වැනිදා අවසන් කළේය.

නඩු විභාගය අවසානයේදී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel