ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක්.. ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක්.?

රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඉන්දියන් සාගරයේ Banda Aceh ආසන්නයේ හටගෙන ඇත.

අද (21) පස්වරු 03:12 ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක ගැඹුරින් වාර්තා වි ඇත.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙරට සියලුම වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel