වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.
කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරුකර යැවීමට පියවර ගෙන ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති බව වාර්තා වේ.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයට මාරුකර යවා ඇත.
පොලිස් සුබසාධන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මාරුකර යවා ඇත.
