වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයෙක් වන මෙක්සිකානු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායක ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ මෙසා ෆ්ලෝරස් එරට ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයෙකු වන ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ මෙසා ෆ්ලෝරස් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මෙහෙයුම අතරතුර පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇත.
රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ එම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ බවට සැක කෙරෙන සන්නද්ධ සාමාජිකයන් හත්දෙනෙකු සහ මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මෙහෙයුම අතරතුර මෙක්සිකානු ආරක්ෂක අංශ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ සන්නද්ධ සාමාජිකයන් අතර පැය කිහිපයක් පුරා වෙඩි හුවමාරු සිදුව ඇති අතර ගුවාසාවේ නගරයේ මාර්ග අවහිර කිරීම් සහ ට්‍රක් රථ ගිනි තැබීම් ද වාර්තා වී ඇත.
