අමෙරිකානු ඩොලරය හමුවේ රුපියලේ අගය දුර්වල වෙයි

වසර ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය (20) වනදා වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වසර ආරම්භයේ සිට සියයට 6.9කින් අවප්‍රමාණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

එහෙත්, පසුගිය නොවැම්බර් (13) වැනිදා මහ බැංකුව විසින් නිකුත් කර තිබූ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ, එදින වනවිට රුපියලේ අවප්‍රමාණය සියයට 6.8ක් ලෙස පැවති බව සඳහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව සතියක් තුළ වසර ආරම්භයේ සිට ගණනය කරන ලද රුපියලේ අවප්‍රමාණ අනුපාතය ප්‍රතිශතාංක 0.1කින් ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel