ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායකගේ 58 වැනි ජන්ම දිනය අද (24) දිනට යෙදී ඇත.
1968 නොවැම්බර් (24) වැනිදා මාතලේ දෙවහුවේ උපත ලැබූ අනුර කුමාර දිසානායක ශිෂ්‍ය දේශපාලනය තුළින් දේශපාලන ගමන ආරම්භ කළේය.
1987 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ දේශපාලනයට පිවිසි අනුර කුමාර දිසානායක 1997 වසරේදී එහි ජාතික සංවිධායක ධුරයට පත්විය.
2000 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි අනුර කුමාර දිසානායක, 2004 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ අනුර කුමාර දිසානායක, 2019 වසරේදී ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පුරෝගාමියකු බවට පත්විය.
අනතුරුව 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණය දක්වා පැමිණි ඔහුගේ දේශපාලන ගමන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයකි.
දශක ගණනාවක දේශපාලන අත්දැකීම්, අභියෝග, පරාජයන් සහ ජයග්‍රහණ හමුවේ පසුගිය 2024 සැප්තැම්බර් (22) වැනිදා මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්විය.
රටේ ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය, බලාපොරොත්තු ඉටු කරමින් ලස්සන රටක් හදන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා ප්‍රඥාව නිරතුරුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ජනාධිපතිතුමනි, ඔබට සුබ උපන්දිනයක් වේවා,
