නිදහස් පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැඩි කලකිරීමට පත්ව සිටින බවත් එක්සත් ජාතික පක්ෂයට එක් වීමට මන්ත්‍රීවරයා සූදානමින් සිටින බවද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරක් හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකත්වය ලබාදෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා ඇති බවද වාර්තා වේ.
එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ සම්බන්ධයෙන් සදහන් කළේ, එම තොරතුරු සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
විපක්ෂයේ ස්වාධීන වී සිටින පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් නිදහස් පක්ෂයට එක්වී නැවතත් ඊළඟ ජනාධිපතිවරයාට සහාය දීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.