ගිනිගෙන විනාශ වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිද්ධිය හේතුවෙන් ධීවර ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් එම නැව් සමාගමෙන් වන්දි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
අදාළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකා අනතුර හේතුවෙන් ධීවර පවුල් 20,000 කට අධික සංඛ්‍යාවක් අගතියට පත්ව සිටින බව සඳහන් කර ඇත.
නෞකා සමාගමේ නොසැලිකිලිමත් හා වගකීමකින් තොර ක්‍රියා කලාපය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බැවින් ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා අද (09) දින නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.