කුඩා දියණිය හා මව ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි.!

කුඩා දියණිය සහ දියණියගේ මව ඝාතනය කර කිරීමට අත්අඩංගුවට ගත් හමුදා සෙබලා එම කාන්තාව පැළඳ සිටි රන් මාලය උකස් කර ඇද්දැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට අධිකරණ නියෝග ලබාගත් බව පාදුනර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.

එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරු පසුගිය (21) වනදා හොරණ නගරයේ උකස් මධ්‍යස්ථානයක් වෙත පැමිණ රන් මාලයක් උකස් කර රුපියල් 48000 මුදලක් ලබාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුගේ හැඳුනුම්පත අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය අනාවරණය වී ඇති අතර තවදුරටත් විමර්ශන සඳහා එම උකස් මධ්‍යස්ථානයේ CCTV දර්ශන ලබා ගැනීමට නියමිතය.

අඟුරුවාතොට කුඩා දියණිය සහ දියණියගේ මව ඝාතනය කර දින තුනකට පසුව ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු නිවසට මීටර් 700ක් පමණ ඈතින් වූ රත්මල්ගොඩ කැලෑවක තිබී සොයාගත්තේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close