අත් වැරදීමකින් සංස්ථාවට පොඩි පාඩුවක්.. තෙල් ලීටර් හැට දහසක් වතුරේ.!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (14) පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ගොස් එහි විදුලි පද්ධතියටද හානි සිදුවී ඇති බවයි.

“ලා අපිට ආරංචියි තෙල් සංස්ථාවේ  ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර් 60,000ක් විතර නාස්තිවෙලා තියෙනවා කියලා, ඊට පස්සෙ ඒක ගැන බලන්න හිහින් විදුලි පද්ධතියටත් ලොකු හානියක් තියෙනවා. ඒක පාවිච්චි කරපු විදිහෙ වැරැද්දක් තියෙන්නෙ, දිගින් දිගටම මේ වගේ නාස්ති කාර දේවල් සිද්ධ වෙන එක ලොකු ප්‍රශ්නයක්”

ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ,

එතුමා ඒ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරනා බවත්ය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS