Advertisements

අමෙරිකානු නෞකා තුනකට ඉරානයෙන් ප්‍රහාර

LIVE

අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම ආත්ම ආරක්ෂාව සහ ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත් එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් අමෙරිකානු යුද නෞකා වල⁣ට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 Comments
Most Voted
Newest Oldest