LIVE
ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් (01) වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් වැඩ භාර ගනු ඇති බව එම සමාගම සඳහන් කරයි.
මේ අතර CEO ධූරයෙන් ඉවත්වන ටිම් කුක් ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වන බවද එම සමාගම සඳහන් කරයි.
