Advertisements
Advertisements

ට්‍රම්ප් ඉලක්ක කර ධවල මන්දිරයට එල්ල වීමට තිබු දරුණු ප්‍රහාරය නවතයි

LIVE

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඉලක්ක කරමින් ධවල මන්දිරය වෙත එල්ල කිරීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර ඇත.

අමෙරිකාවේ පසුගිය ඉරිදා දින ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ සටන්කාමී තරගාවලියක් ඉලක්ක කරගනිමින් සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් මෙලෙස ව්‍යර්ථ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිත කරමින් අදාළ තරගය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනතාව ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී ඇත.

කෙසේ වෙතත් බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර සැකකරුවන් පස් දෙනෙකු අල්ලා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1 Comment
Most Voted
Newest Oldest