ශ්‍රී ලාංකික පවුල ඝාතනයේ සැකකරු ලාංකිකයෙක්.. තොරතුරු රැසක් හෙළිවෙයි.!

කැනඩාවේ ඔටාවා අගනුවරදී නිවසක් තුළ කුඩා දරුවන් හතරදෙනෙකු ඇතුලුව ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වේ.

මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ, මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ සහ හතලිස් හැවිරිදි පුද්ගලයෙක් එලෙස ඝාතනය කර ඇත.

මෙම අමානුෂික ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බව ඔටාවා පොලිස් ප්‍රධානියා සදහන් කරයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය දක්වා තිබුණද පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් මෙම ඝාතන සිදුකර ඇති බවයි.

දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා කම්පනයට පත්වන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS