Foreign news

බ්‍රිතාන්‍ය අගමැති කියර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති කියර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

තවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බවට සඳහන් කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් අද (22) පෙරවරුවේ රජුන් වෙත දැනුම්දුන් බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සඳහන් කරයි.

ඉරානය සමග නැවතත් යුද්ධය ආරම්භ කරනවා – ට්‍රම්ප්

ඉරානය සමග නැවතත් යුද්ධය ආරම්භ කරනවා – ට්‍රම්ප්

අමෙරිකාව නැවතත් ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවීමක් සිදුකර ඇත.

තාවකාලික සාම ගිවිසුම යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන අතරතුර ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතු බවයි.

“ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා!!”

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙනවා – ට්‍රම්ප්

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙනවා – ට්‍රම්ප්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

“කීර් ස්ටාමර් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි,”

“ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා. ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම ඔහුට සුබ පතනවා!“

බ්‍රිතාන්‍ය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයක්ම විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇති බවයි.

මැදපෙරදිග සාම ගිවිසුම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග සාම ගිවිසුම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදු කරන අපරාධ දිගින් දිගටම කරගෙන යාම, සමස්ත ගිවිසුමම අවලංගු වීමට හේතු වනු ඇති බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.

එනිසා ලෙබනනයේ පවතින යුද්ධය අවසන් වන තුරුම අමෙරිකා සහ ඉරානය සාම ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි බව සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.

අද (21) දින ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර ඔහු සිය “X” ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූපයක් නිසා ඉතාලිය සහ අමෙරිකාව අතර මත ගැටුමක්

ඡායාරූපයක් නිසා ඉතාලිය සහ අමෙරිකාව අතර මත ගැටුමක්

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් ‍අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී ඇත.

පසුගියදා G7 රාජ්‍ය නායකයින්ගේ හමුව අතරතුර ඉතාලි අග්‍රාමාත්‍යවරිය තමා සමඟ ඡායාරූපයක් ගැනීම සඳහා අයැද සිටි බවත් එම ඡායාරූපය ගැනීමෙන් ඇය සතුටට පත්වන්නට ඇති බවද ජනපති ට්‍රම්ප්, ඉතාලි මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

එහෙත් ජනපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ගොතන ලද සාවද්‍ය ප්‍රකාශයක් බවත් තමන් හෝ ඉතාලිය කිසිදු අවස්ථාවක කිසිවෙකුට අයදින්නේ නැති බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සිය “X” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඉතාලිය සම්බන්ධව මෙවැනි අපහසාත්මක ප්‍රකාශ සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඔහු මිත්‍ර පාර්ශවයන්ට මෙලෙස සැලකීම කණගාටුදායක බවද ඉතාලි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්තෝනියෝ තජානි අමෙරිකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇත.

ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක දැවැන්ත ගින්නක්

ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක දැවැන්ත ගින්නක්

සුප්‍රසිද්ධ සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ පිහිටි බයාහිබේ වෙරළ තීරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා හෝටල් 8,400කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ වින්ඩ්හැම් (Wyndham) හෝටල් ජාලයට අයත් හෝටලයක මෙම ගින්න හටගෙන ඇත.

මෙම ගිනිගැනීමෙන් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි රැඳී සිටි සංචාරකයින් 1,700කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් කැරිබියානු වෙරළ තීරයට ඉහළින් අඳුරු දුමාර වලාකුළු නැඟී ගිය අතර නිවාඩු නිකේතනයේ පිදුරු සහ තල්කොළවලින් සෙවිලි කළ වහලවල් සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා අවලංගුයි

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා අවලංගුයි

අද (19) දින අමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හදිසියේම ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටී ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සඳහන් කරයි.

යුද්ධය අවසන් කිරීම සඳහා ඇති කරගත් ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද ස්විට්සර්ලන්තයේ ඉරාන සාකච්ඡාකරුවන් හමුවීමට සැලසුම් කර තිබුණේය.

ලෝකයම බලා සිටින දිනය අදයි

ලෝකයම බලා සිටින දිනය අදයි

අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට පසුව දෙරට අතර මූලික සාකච්ඡා අද (19) දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock) හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්තය සඳහන් කරයි.

අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණ වන අතර මේ සඳහා අමතර මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්තානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ පළමු අරාබි රට

අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ පළමු අරාබි රට

අද (18) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇත.

ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි.

නව නීතියට අනුව මින් ඉදිරියට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

තවද එම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) වෙත ප්‍රවේශ වීමද මෙමඟින් වළක්වා ඇති බව එරට මාධ්‍ය කාර්යාලය සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?