Foreign news

ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

අද (27) දින බහරේන රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව බහරේන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි.

ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දකිමින් බහරේන විදේශ අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. 

මෙමඟින් තම රටේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉරාන – අමෙරිකා යුද ගැටුම් යළිත් ඇරඹෙයි.. අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරාන – අමෙරිකා යුද ගැටුම් යළිත් ඇරඹෙයි.. අමෙරිකාවෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනතුරුව එම ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අම‍ෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත අම‍ෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම නිසා එයට ප්‍රහාරය එල්ල කළ බව ඉරානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකානු ප්‍රහාරයෙන් පසු, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ සිටින අම‍ෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායලය – ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි

ඊශ්‍රායලය – ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි

ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම අත්සන් කරන අවස්තාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් ද එක්වී ඇත.

වෙනිසියුලාවේ මියගිය ගණන 589ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ මියගිය ගණන 589ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූවන් සංඛ්‍යාව 2,980ක් පමණ වන අතර තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරව ඇති බවට සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනයෙන් මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් පිරිසක් සිටින බව වාර්තා වන අතර වෙනිසියුලාවට සහන සැලසීම වෙනුවෙන් රටවල් කිහිපයකම ආධාර රැගත් කණ්ඩායම් මේ වනවිට එරට වෙත ලඟා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කරයි

ඇෆ්ගනිස්තානයේ ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කරයි

තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජූනි (16) වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇත.

එම නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බව තලේබාන් පාලනය සඳහන් කරයි.

රාජකාරී කටයුතු ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස අඩාල වී ඇති බව එරට රජයේ නිලධාරීන් සඳහන් කරයි.

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් පුද්ගලයින් 188ක් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද පුද්ගලයින් 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් පසුව පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිලි 250ක් සහ වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාන 346කට හානි සිදුව ඇත.

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

උතුරු ජපානයේ රික්ටර් මාපක 6.9ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇති අතර එහි කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පිහිටා ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ජපානය පෘථිවියේ භූ තැටි සක්‍රීයව පිහිටා ඇති කලාපයකට අයත් රටක් වන අතර මේ නිසාවෙන් එරට නිරන්තරයෙන්ම විවිධ ප්‍රමාණයේ භූකම්පන හටගනී.

බ්‍රිතාන්‍යයට අනතුරු අඟවමින් රතු නිවේදන නිකුත් කරයි

බ්‍රිතාන්‍යයට අනතුරු අඟවමින් රතු නිවේදන නිකුත් කරයි

මේ දිනවල බ්‍රිතාන්‍යයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිය ගණනක් ඉදිරි දින කිහිපයේදී පූර්ණ හෝ අර්ධ වශයෙන් වසා දැමීමටත්, දුම්රිය ගමන් වාර සීමා කිරීමටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය විසින් අතිශය දුර්ලභ ගණයේ රතු පැහැති අන්තර් උෂ්ණත්ව අනතුරු ඇඟවීමක් (Red Heat Warning) නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙවැනි රතු නිවේදනයක් නිකුත් කර ඇත්තේ එක් වතාවක් පමණයි.

මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යා හැකි බවත් එරට පවතින පැරණි පාසල් ගොඩනැඟිලි මෙවැනි අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට අපොහොසත් බැවින්, පාසල් සඳහා වායුසමීකරණ පද්ධති ලබාදීම පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් අවශ්‍ය බව සඳහන් කර ඇත.

ප්‍රවාහන අංශ වලට මෙම තත්ත්වය දැඩි ලෙස බලපා ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ගමන් බිමන් යාමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය දුම්රිය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙසී පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි

මෙසී පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි

ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව ඇත.

පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ (22) පැවති තරගයේදී මෙසී මෙම ඓතිහාසික කඩඉම පසු කර ගියේය.

ආර්ජන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් ගෝල ප්‍රමාණයක් වාර්තා කළ මෙසී, ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් තබා තිබූ ලෝක කුසලාන ගෝල 16 වාර්තාව සම කිරීමට සමත් විය.

අනතුරුව ඔස්ට්‍රියාවට එරෙහිව පැවැත්වූ තරගයේ 38 වැනි මිනිත්තුවේදී මෙසී වාර්තා කරන ලද ගෝලයත් සමඟින්, ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ තමා රැස්කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17 දක්වා ඉහළ නංවා ගනිමින් වැඩිම ගෝලලාභියා බවට පත්විය.

ඉරාන තෙල් අලෙවියට තාවකාලික බලපත්‍රයක් 

ඉරාන තෙල් අලෙවියට තාවකාලික බලපත්‍රයක් 

අමෙරිකාව විසින් ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව දින 60කට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර අඛණ්ඩව සිදුවන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි කොටසක් වන අතර අවසන් සාම ගිවිසුමකට එළඹීම සඳහා ඉන් විශාල සහයෝගයක් ලැබෙනු ඇති බව අමෙරිකානු මූල්‍ය ලේකම් Scott Bessent සඳහන් කරයි.

මෙම තාවකාලික සම්බාධක ලිහිල් කිරීම එළඹෙන අගෝස්තු (21) වැනිදා දක්වා බලාත්මකව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම තාවකාලික සහනය තෙල් අපනයනයට පමණක් සීමා නොවන අතර ඊට අදාළ බැංකු කටයුතු, රක්ෂණ සහ ප්‍රවාහන වැනි සේවාවන් සඳහාද අදාළ වේ.

✕
⌃ News
📰 Free News Subscription?