Local news

මම දැන් දේශපාලනයේ නෑ.. මට පැන්ෂන් එකත් නෑ

මම දැන් දේශපාලනයේ නෑ.. මට පැන්ෂන් එකත් නෑ

තමන් දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් බැහැරව සිටින බැවින් මේ මොහොතේ බලයේ සිටින්නේ කවුරුන් වුවද රටේ ජනතාව වෙනුවෙන් යහපතක් කරන්නේ නම් තමන් ඊට කැමති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ,

අපි ඉතින් දැන් මේ දේශපාලනයේ නෑ නෑනේ. අපි ක්‍රියාකාරී දේශපාලනේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපි කැමතියි කවුරුහරි කමක් නෑ රට හොඳට හදනවා නම්. රටේ මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙන්න දරුවන්ට හොඳ රටක් හදනවා නම් කාගෙන් හරි හොඳ ආර්ථිකයක් එක්ක දුගී භාවය අවම වෙලා ඒක තමයි අවශ්‍ය වෙන්නේ.

ඔයාලට වඩා මට දැනෙනවා තෙල් මිල. ඇයි ඉතින් දැන් දැන් ඔයාට කීයක් හරි පඩියක් හම්බවෙනවා නේද.? හම්බෙනවානේ කීයක් හරි. ඉතින් මට පැන්ෂන් එකක් නෑනෙ. ඒවත් ඔක්කොම නෑනේ. ඉතින් එතකොට මම මොකද කරන්නේ ඒකට. ඉතින් ඔයාලට වඩා මට අමාරුයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

පාසල් ආපනශාලා සඳහා මාර්ගෝපදේශ

පාසල් ආපනශාලා සඳහා මාර්ගෝපදේශ

සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය අද (22) එළිදක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරායගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එම එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන බව එහි පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

එම මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකින් බල ගන්වා ඇති බවත් පාසල තුළ එහි කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන විදුහල්පතිවරයාට හා පාසල් බලධාරින්ට ලබාදී ඇති බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

එම මාර්ගෝපදේශය අනුව ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වන ආහාර පාසල් ආපන ශාලාවල අලෙවියට අවස්ථාව නොලැබෙන බවත් සිරුරට අහිතකර මේදය අඩංගු ආහාර, අධික ලුණු සහ කෘතීම රසකාරක අඩංගු ආහාර, සීනි අධික ආහාර, පෝෂණ ගුණයෙන් හීන කැලරි අධික ආහාර ඊට ඇතුළත් බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

පාසල් සිසුන් අතර අධික ස්ථූලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවත් අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 17.4%ක් කාබනීකෘත බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බවද විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළාය.

ඉරානය සමග නැවතත් යුද්ධය ආරම්භ කරනවා – ට්‍රම්ප්

ඉරානය සමග නැවතත් යුද්ධය ආරම්භ කරනවා – ට්‍රම්ප්

අමෙරිකාව නැවතත් ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවීමක් සිදුකර ඇත.

තාවකාලික සාම ගිවිසුම යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන අතරතුර ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතු බවයි.

ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා!!

අද දිස්ත්‍රික්ක රැසකට තද වැසි

අද දිස්ත්‍රික්ක රැසකට තද වැසි

අද (22) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙනවා – ට්‍රම්ප්

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙනවා – ට්‍රම්ප්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

කීර් ස්ටාමර් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි,”

“ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා. ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම ඔහුට සුබ පතනවා!

බ්‍රිතාන්‍ය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයක්ම විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇති බවයි.

මැදපෙරදිග සාම ගිවිසුම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග සාම ගිවිසුම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදු කරන අපරාධ දිගින් දිගටම කරගෙන යාම, සමස්ත ගිවිසුමම අවලංගු වීමට හේතු වනු ඇති බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.

එනිසා ලෙබනනයේ පවතින යුද්ධය අවසන් වන තුරුම අමෙරිකා සහ ඉරානය සාම ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි බව සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.

අද (21) දින ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර ඔහු සිය “X” ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ.. පුළුවන් නම් නඩු දාන්න

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ.. පුළුවන් නම් නඩු දාන්න

සෑම වසරකම ජූලි (01) වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස (03) වන දින ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

මේ සම්බන්ධව අනෙකුත් බස් සංගම් සමග සාකච්ඡා කරන බවත් මේ මොහොතේ යම් ආකාරයකින් ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවහොත් මාස 6ක් පුරාවට ගාස්තු අඩු කිරීමකින් තොරව බස් ගාස්තුව පවත්වා ගෙන යන බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

“ඩීසල් අඩු වුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි (01) වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා.

අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා. ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ. ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා.”

උසස් පෙළ විභාගය කල් යයිද.? අමාත්‍යංශයෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයිද.? අමාත්‍යංශයෙන් නිවේදනයක්

අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු (07) දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව වනුයේ 300ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එනිසා අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාල‍ය ලැබී ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොඟින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සලේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු හංගන්නේ රාජපක්ෂලා වෙනුවෙන්

සලේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු හංගන්නේ රාජපක්ෂලා වෙනුවෙන්

රාජපක්ෂලා කියන්නේ, තමන්ගේ අපරාධ වෙනුවෙන් මිනිස්සු පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන් ඉතාම නරක පන්නයේ දේශපාලන කණ්ඩායමක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

සලේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු හංගන්නේ තමන්ගේ දරුවන් සහ බිරිඳ වෙනුවෙන් නොවන බවත් ඔහු මේ මහාපරිමාණ අපරාධය කරේ ජනාධිපති වෙන්න නොවන බවත් වෙන ටීම් එකකට ජනාධිපති වෙන්න බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.

“සලේ තමන්ගේ නෝනා ගැන හිතනවා නම්, එයාගේ දරුවෝ ගැන හිතනවා නම් එයාට තියෙන්නේ ඔය තොරතුරු ලබාදෙන්න. ඔහු ඒ අය ගැන නෙමෙයි හිතන්නේ. ඇත්තටම මෙයා දිනපතා බලන්න එන්න ඕන රාජපක්ෂලා.

අද සලේ හංගන්නේ දරුවා වෙනුවෙන් දේවල් නෙමෙයි. අද සලේ හංගන්නේ නෝනා වෙනුවෙන් දේවල් නෙමෙයි. තමන් හරහා මේ මහාපරිමාණ අපරාධය කරේ සලේට ජනාධිපති වෙන්න නෙමෙයිනේ. වෙන ටීම් එකකට ජනාධිපති වෙන්න.

එනිසා තමයි බෝම්බේ අප්‍රේල් (21)ක. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරිපත් වෙනවා අප්‍රේල් (23). අඩුගානේ වංචාවක් කරනකොට ඒ සැලැස්මවත් තියෙන්න එපැයි. එහෙම කියන්නේ ඇයි. එයාට ඕන කරන ඩ්‍රාමා එකේ ලොකු කෑල්ල වුණා.

රාජපක්ෂලා කියන්නේ මෙහෙමයි. තමන්ගේ අපරාධ වහගන්න තමන්ට වැඩියෙන්ම සේවය කරපු පුද්ගලයා සහ ඔහුගේ දරුවා සහ නෝනවත් භාවිතා කරනවා. රාජපක්ෂලා කියන්නේ ඒ මිනිස්සු තමන්ගේ අපරාධ වෙනුවෙන් පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන් ඉතාම නරක පන්නයේ දේශපාලන කණ්ඩායමක්.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

ගෝඨාගේ සුගීෂ්වර බබා හොරකම් කරපු විදිහ හොදටම දන්නවා

ගෝඨාගේ සුගීෂ්වර බබා හොරකම් කරපු විදිහ හොදටම දන්නවා

වත්මන් ආණ්ඩුවට විරුද්ධව වඩාත්ම ශබ්ද නඟා කෑගසන්නේ රට තුළ මහා පරිමාණ වංචා සිදුකළ ලොකුම හොරු ටික බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර බබෙක් නොවන බවත් පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචාවන් පිළිබඳව ඔහු සියල්ල දන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.

රාජ්‍ය ප්‍රතිපාදනවලින් වංචනික ලෙස මුදල් ලබාගත් ආකාරය පිළිබඳව ඔවුන්ම හොඳින් දන්නා බවත් එවැනි වංචනික පසුබිමක් සහිත පුද්ගලයන් තවත් පිරිසක් එකතු කරගෙන දේශපාලන රැස්වීම් පවත්වමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එනිසා රට තුළ මහා පරිමාණයෙන් වංචා සහ දූෂණ සිදුකළ සියලුම පුද්ගලයන් ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව සහ නිසි නීති රාමුවක් ඇතුළත අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේ,

“අපි පැහැදිලිව කිව්වා, ඔය කෑගහන කට්ටිය කෑගහනකොට ලොකුම හොරු ටික තමයි කෑගහන්නේ කියලා. ඔය හැමෝගෙම හොරකම් තියෙනවා. වංචා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා පඩි දෙකක් ගත්තා කියලා.”

“සුගීෂ්වර කියන්නේ බබෙක් නෙමෙයිනේ. සුගීෂ්වර කියන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්නේ. ඒ නිසා ඔය බබා දන්නවා හොරකම් කරපු විදිහ. බබා හොරකම් කරපු විදිහ දන්න හින්දා තමයි තව බබ්බු ටිකක් එකතු කරගෙන දැන් පොළොන්නරුවෙත් ඔය ජාතියේ බබෙක් ඉන්නේ.”

“මම දැක්කා ඊයේ එයා ඇතුළට යනකොට මෙහෙන් රත් වෙලා, පස්ස පැත්ත රත් වෙලා කෑගහනවා. ඒගොල්ලෝ හොරකම් කරපු එක ඒගොල්ලෝ දන්නවා. ඒ හොරකම් කරපු ටික වසාගන්න දැන් ඇවිල්ලා මේ ආණ්ඩුව හොරකම් කරනවා කියලා කෑගහනවා.”

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මේ බව සඳහන් කරයි.