Local news

ඉරානයට බිහිසුණු ප්‍රහාරයක්.. නොපෙනෙන බලවතා නැවතත් එළියට

ඉරානයට බිහිසුණු ප්‍රහාරයක්.. නොපෙනෙන බලවතා නැවතත් එළියට

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා වලට පහර දෙන සෑම අවස්ථාවකදීම, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලගාරයක් බැගින් විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද ඉරානයේ නටාන්ස් (Natanz) පරමාණුක මධ්‍යස්ථානය අසල පිහිටි, පොළොව යට ඉදිකරමින් පවතින ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,

“මෙතැන් සිට ඉස්ලාමීය ඉරාන ජනරජය මගින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට මිසයිල, රොකට්, ඩ්‍රෝන හෝ වෙනත් ඕනෑම ආයුධයකින් පහර දෙන සෑම අවස්ථාවකම, අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ එක් පාලමක් හෝ බලගාරයක් බැගින් බෝම්බ හෙළා විනාශ කරනු ඇත.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ, ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට අමෙරිකාවට කිසිදු උනන්දුවක් නොමැති බවයි.

මේ අතර මීට මාස කිහිපයකට පෙර අමෙරිකාව විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත “බංකර් බස්ටර්” බෝම්බ ප්‍රහාර එල්ල කළේය.

ලෝකය ඉදිරියේ හිස ඔසවන ලංකාවේ පාස්පෝට් එක

ලෝකය ඉදිරියේ හිස ඔසවන ලංකාවේ පාස්පෝට් එක

නවතම ‘හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට’ අනුව, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2025 වසරේ අගභාගයේ පැවති ස්ථානයට වඩා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇති අතර එය ලෝක මට්ටමින් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයට හිමි පිළිගැනීම නැවතත් වර්ධනය වීමේ සුබවාදී ප්‍රවණතාවකි.

2026 ජූලි මාසයේ ප්‍රකාශිත නවතම ‘හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට’  අනුව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර 2025 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාව 96 වන ස්ථානයේ පසුවිය.

ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බිමන් පහසු වීම සහ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම උදෙසා මෙය ඉතා දිරිගන්වන සුලු සලකුණක් වුවද වර්තමානය වනවිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ එම ගමන, නව පිබිදීමක සලකුණු පෙන්නුම් කරයි.

සාම්ප්‍රදායික ක්‍රමයට කළින් වීසා ලබාගැනීමකින් තොරව, එනම් වීසා රහිතව පැමිණීමේදී ලබාගන්නා වීසා හෙවත් Visa-on-arrival හෝ විද්‍යුත් ගමන් බලපත්‍ර අනුමැතීන් හරහා ශ්‍රී ලාංකිකයන්ට මේ වනවිට ගමනාන්ත 39ක් වෙත ගමන් කිරීමේ පහසුකම හිමිව ඇත.

පසුගිය මැයි මාසයේ සිට රටවල් 39ක සංචාරකයන්ට දින 30ක නොමිලේ විද්‍යුත් ගමන් අනුමැතිය ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති අතර එමඟින් පවතින බාධා අවම වී ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම, ජාත්‍යන්තර මට්ටමින් මිත්‍රත්වයන් ශක්තිමත් කරගැනීම සහ ලෝකය සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම යළි යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය ඉතා වැදගත් සන්ධිස්ථානයකි.

ඒ අනුව පසුගිය 2025 වසර තුළ යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම, මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ නැවතත් ඉදිරියට ගමන් කිරීමට පටන්ගෙන ඇත.

ආණ්ඩුවට එරෙහිව හිටපු අය ඔක්කොම එකට එකතු වෙයි

ආණ්ඩුවට එරෙහිව හිටපු අය ඔක්කොම එකට එකතු වෙයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස විසින් අද (23) දින විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට වෙත කැඳවා ඇත.

රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය, රටේ අධිකරණයේ යහපැවැත්ම බරපතල අභියෝගයට ලක්ව ඇති බවත් ⁣රටේ අධිකරණ ක්ෂේත්‍රය මුහුණපා ඇති මෙම අර්බුදය සඳහා විසඳුම් ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලකිරීමේ පියවරක් ලෙස මෙම රැස්වීම කැඳවා ඇත.

මෙම රැස්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන ‌පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් කැඳවා ඇත.

කට්ටි පනින අකිල මට්ටු වෙයිද

කට්ටි පනින අකිල මට්ටු වෙයිද

එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන, ඔවුන් සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එලෙස යොදාගැනීම මගින් දූෂණයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අතර මෙම විමර්ශනයට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සඳහා (21) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අකිල විරාජ්ට දන්වා තිබුණද ඔහු කොමිසම හමුවට පැමිණ නැත.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ නිවසට අල්ලස් කොමිසමෙන් කිසිදු කැඳවීමේ ලිපියක් හෝ දුරකථන ඇමතුමක් ලැබී නැති බව අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලද ඕනෑම විටක එහි යාමට තමා සූදානම් බවත් පිරිසිදු දේශපාලනයක නිරතවී රටට සේවයක් කළ තමාට නීතියෙන් සැඟවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

මුදල් මංකොල්ලයේ මහමොළකරු ශාන්ත පුතාගේ පැටිකිරිය

මුදල් මංකොල්ලයේ මහමොළකරු ශාන්ත පුතාගේ පැටිකිරිය

රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) අද (22) අවසර ලබාදී ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරා ඇති බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පැය 24ක කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා හෙට (23) යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින අත්අඩංගුවට ගත්තේය.

අදාළ මංකොල්ලකෑම සැලසුම් කළ ප්‍රධාන සැකකරු අනුද බණ්ඩාර නමැත්තා බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම සිදුවන අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අනුද බණ්ඩාර නමැත්තා එම ස්ථානයේ සිට මීටර් 50ක් පමණ දුරින් රැඳී සිට ඇති බවද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ලංකාවේ අපනයන ආදායම මාස හයෙන් ඩොලර් බිලියන 9 ඉක්මවයි

ලංකාවේ අපනයන ආදායම මාස හයෙන් ඩොලර් බිලියන 9 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස 06 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 09 සීමාව ඉක්මවා ඇත.

2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය පසුගිය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 8%ක වර්ධනයකි.

2026 වසරේ පළමු මාස හය තුළ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,073.31ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8.95%ක වර්ධනයකි.

තවද එම කාලය තුළ සේවා අපනයන අංශයද සියයට 4.49ක වර්ධනයක් අත්කර ගනිමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,938.94ක ආදායමක් උපයා ඇත.

2026 ජූනි මාසයේදී සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,658.62ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය 2025 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 12.53%ක වර්ධනයකි.

ඉන් භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,314.10ක් ලෙස සටහන් වී ඇති අතර එය 15.09%ක වර්ධනයක් වන අතර සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 344.52ක් ලෙස සටහන් වී ඇති අතර එය 3.75%ක වර්ධනයකි.

බිලියන 214.7ක මුදලක් රටින් පන්නයි.. ආන්දෝලනාත්මක අනාවරණයක්

බිලියන 214.7ක මුදලක් රටින් පන්නයි.. ආන්දෝලනාත්මක අනාවරණයක්

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750කට (රුපියල් බිලියන 214.7කට පමණ) සමාන මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වාදී ඇති නව රෙගුලාසි සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශන වලදී හඳුනාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer – KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.

නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.

අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වාදී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.

නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ “සුදුසුකම් ලත් ආනයනකරුවන්” ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.

එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වාදී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.

ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර ඇති අතර නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.

මුදල් මංකොල්ල කාපු හිටපු ඇමති පුතාගෙන් ප්‍රශ්න කරයි

මුදල් මංකොල්ල කාපු හිටපු ඇමති පුතාගෙන් ප්‍රශ්න කරයි

රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) අද (22) අවසර ලබාදී ඇත.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

හිනාවෙවී ආ සුගීෂ්වර හඬාගෙන යයි

හිනාවෙවී ආ සුගීෂ්වර හඬාගෙන යයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (30) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දින නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

විමල්ගේ සහෝදරයා නැවතත් හිටපු තැනටම

විමල්ගේ සහෝදරයා නැවතත් හිටපු තැනටම

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අනතුරුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ නැවතත් ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය නියෝග කළේය.