ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා වලට පහර දෙන සෑම අවස්ථාවකදීම, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලගාරයක් බැගින් විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
තවද ඉරානයේ නටාන්ස් (Natanz) පරමාණුක මධ්‍යස්ථානය අසල පිහිටි, පොළොව යට ඉදිකරමින් පවතින ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,
“මෙතැන් සිට ඉස්ලාමීය ඉරාන ජනරජය මගින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට මිසයිල, රොකට්, ඩ්‍රෝන හෝ වෙනත් ඕනෑම ආයුධයකින් පහර දෙන සෑම අවස්ථාවකම, අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ එක් පාලමක් හෝ බලගාරයක් බැගින් බෝම්බ හෙළා විනාශ කරනු ඇත.”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ, ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට අමෙරිකාවට කිසිදු උනන්දුවක් නොමැති බවයි.
මේ අතර මීට මාස කිහිපයකට පෙර අමෙරිකාව විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත “බංකර් බස්ටර්” බෝම්බ ප්‍රහාර එල්ල කළේය.

