Local news

බොහෝ දුරට අද රාත්‍රියේ ඉරානයට ප්‍රහාර එල්ල කරනවා

බොහෝ දුරට අද රාත්‍රියේ ඉරානයට ප්‍රහාර එල්ල කරනවා

අද රාත්‍රියේදී ඉරානයට බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

තවද ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත.

“මට ඔවුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය නැත, ඔවුන් ජරාවක්. ඔවුන් අසනීප මිනිසුන්, ඔවුන් අසනීප මිනිසුන් විසින් මෙහෙයවනු ලැබේ.”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින මෙන්න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම එළඹෙන අගෝස්තු මස (13) වැනිදා පෙ.ව. 6යි 17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කරයි.

අගොස්තු (13) වැනිදා කප් සිටුවීමෙන් පසු (17) වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

පළමු කුඹල් පෙරහැර (18) වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර එතැන් සිට (22) වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර (23) වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර අවසන් මහා රන්දෝලි පෙරහැර (27) වැනිදා පැවැත්වීමට නියමිතය.

අනතුරුව අගෝස්තු (28) වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද (08) පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මේ බව සඳහන් කරයි.

ඉරාන – අමෙරිකා සටන් විරාම ගිවිසුම අවසන්

ඉරාන – අමෙරිකා සටන් විරාම ගිවිසුම අවසන්

ඉරානය සමඟ ඇති කරගත් තාවකාලික ගිවිසුම දැන් අවසන් බවත්, එහෙත් ඔවුන්ට සාකච්ජා කිරීමට පුළුවන් බව අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන නියෝජිතයින්ට අමෙරිකාව සමඟ දිගටම සාකච්ඡා කළ හැකි වුවත්, ඉන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද යන්න ගැන තමන්ට සැකයක් ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අද (08) තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

“ඔවුන්ට කතා කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔවුන් ඒ නාස්ති කරන්නේ තමන්ගේ කාලය.”

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්.. අධිකරණයෙන් නියෝග

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්.. අධිකරණයෙන් නියෝග

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස (30) වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි සැප්තැම්බර් මස (30) වනදා කැඳවන ලෙසත් එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙසද රජයේ නීතිඥවරියට නියම කළේය. 

රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් තවත් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් තවත් නිලධාරියෙක් ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම නිලධාරියත් සමඟ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත.

බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

රනිල් වික්‍රමසිංහ අධිකරණයට

රනිල් වික්‍රමසිංහ අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (08) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ සිය ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට යාමට රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය අද (08) දින අධිකරණයට දැනුම් දීමට නියමිතය.

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට දුන් නියෝගය

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට දුන් නියෝගය

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර දෙකක් මත මුදාහැර ඇති අතර එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන ඇත.

සුගීශ්වරට ඇප නෑ.. අධිකරණයෙන් නියෝග

සුගීශ්වරට ඇප නෑ.. අධිකරණයෙන් නියෝග

ජනාධිපති වි⁣⁣ශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ලෙස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ⁣ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට පොදු දේපොළ පනත යටතේ ඇප ලබාදීමට තරම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වී නැතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ⁣ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (22) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රනිල්ට අද මොකද වෙන්නේ.?

රනිල්ට අද මොකද වෙන්නේ.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (08) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට යාමට රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනුකර ඇත.