LIVE
ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ලෙස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට පොදු දේපොළ පනත යටතේ ඇප ලබාදීමට තරම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වී නැතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කළේය.
අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (22) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
