Local news

උත්තරීතර නායකයාට ප්‍රහාරයක්.. ප්‍රතිකාර සඳහා රුසියාවට.?

උත්තරීතර නායකයාට ප්‍රහාරයක්.. ප්‍රතිකාර සඳහා රුසියාවට.?

ඉරානයේ ස්ථාන රැසකට අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

එම ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්ටාබා කමේනිගේ පාදයකට සහ අතකට දැඩි හානි සිදුව ඇති බවත් පවතින තත්ත්වය හමුවේ ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවද සඳහන් කරයි.

එනිසා ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවද සඳහන් කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැනුවත් කර ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් අනතුරුව කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති ‌බවද එම මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉරාන රජය විසින් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මේ අතර උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඉන්ධන QR කේතය ගැන තීරණයක්

ඉන්ධන QR කේතය ගැන තීරණයක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් “QR” ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව සඳහන් කරයි.

ඒ අනුව එක් හැඳුනුම්පත් අංකයක් යටතේ “QR” ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ,

“අපි පොලිසි ඩිෂිෂන් එකක්ම ගත්තා එක හැඳුන්පතකට, එක දුරකථන අංකයකට එක වාහනයයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. ඒ පොලිසි එක ඇප්ලයි වෙනකොට බොහෝ පිරිසක් හිටියා වාහන මාරු කරපු අය.

මේ පිරිසටම රෙජිස්ටර් වෙන්න බැරි වුණා. මේ වෙලාවේ අපි QR එක ගෙනාවේ, යම්කිසි පාලනයකට ගන්න. වාහන වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් වෙනම කාණ්ඩයක් තියෙනවා BRN කියලා.”

වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මේ බව සඳහන් කරයි.

ගෝඨාභය අල්ලස් කොමිසමට

ගෝඨාභය අල්ලස් කොමිසමට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) දින අල්ලස් කොමිසමට පැමිණ ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇත.

කෙසේ වෙතත් ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

රට තුළ ඉන්ධන ප්‍රමාණය මෙන්න

රට තුළ ඉන්ධන ප්‍රමාණය මෙන්න

පවතින ඉන්ධන සංචිත හා ඉදිරියේදී ලැබීමට නියමිත ඉන්ධන නැව් තොග ගැන සලකා බැලීමේදී අප්‍රේල්, මැයි මාස දක්වා ඉන්ධන සැපයුම සහතික කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරයි.

රට තුළ දැනට ගබඩා කර ඇති ඉන්ධන ප්‍රමාණය මෙන්ම සැපයුම ස්ථිර කර ඇති නැව් තොග ඊට ඇතුළත් වන බවද අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව සඳහන් කරයි.

පෙට්‍රල් 92 වර්ගය අප්‍රේල් (23) වෙනිදා දක්වා

පෙට්‍රල් 95 වර්ගය මැයි (10) වෙනිදා දක්වා

ඩීසල් වර්ගය අප්‍රේල් (12) වෙනිදා දක්වා

සුපර් ඩීසල් වර්ගය මැයි (10) වෙනිදා දක්වා

මීළග ඉලක්කය කියුබාව.. පහර දෙන්න සූදානම්

මීළග ඉලක්කය කියුබාව.. පහර දෙන්න සූදානම්

ලතින් අමෙරිකා කලාපයට අයත් කියුබාව දශක ගණනක් තිස්සේ අර්බුදයක පවතින බැවින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මීළග ඉලක්කය කියුබාව බව වාර්තා වේ.

කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“කියුබාව සහ අමෙරිකාව අතරේ අර්බුදය මට මගේ ජීවිත කාලය පුරාවට අසන්න ලැබුණා. හුඟ දෙනෙක් මගෙන් අහන්නේ කියුබාව සමග අර්බුදය අවසන් කරන්නේ කවද්ද කියලයි. මා හිතන්නේ මම ඒ අර්බුදය අවසන් කරනවා. කියුබාව යටත් කර ගැනීම මට ලොකු ගෞරවයක් වේවි.”

“කියුබාව දැන් දුර්වලයි. මා කැමතියි කියුබාවේ පීඩිත පාලනය අවසන් කරලා දාන්න. කියුබානු වැසියන්ට හැකිවේවි ඔවුන්ගේ නිදහස සොයා ගන්න. ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරගන්න.”

රජයේ සහ අර්ධ රාජ්‍ය සියලු පාසල් නිවාඩු දිනයක්

රජයේ සහ අර්ධ රාජ්‍ය සියලු පාසල් නිවාඩු දිනයක්

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය රජයේ පාසල් නිවාඩු ලබාදී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයේ රජයේ සහ අර්ධ රාජ්‍ය සියලු පාසල් නිවාඩු දිනයක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් නොපැවැත්වීමට උපදෙස් ලබාදී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කාබුල් රෝහලකට දැවැත්ත ප්‍රහාරයක්.. 400ක් මරුට

කාබුල් රෝහලකට දැවැත්ත ප්‍රහාරයක්.. 400ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු මියගොස් තවත් 250 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති අතර එම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කරයි.

කෙසේ වෙතත්, පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවාඩු දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

නිවාඩු දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති අතර එම බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

ඒ අනුව සෑම සතියකම බදාදා දිනයක අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවට පත්කර ඇත.

UAE ගුවන් කලාපය වසා දමයි

UAE ගුවන් කලාපය වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන ඇත.

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස (16) සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඉහළ ගිය ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල

ඉහළ ගිය ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල

අද (17) පෙරවරුවේ වන විට ආසියානු වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී ඇත.

තවද අමෙරිකානු බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී ඇත.