Local news

දේශීය මුල්‍ය පද්ධතිය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

දේශීය මුල්‍ය පද්ධතිය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

මේ වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

භූ දේශපාලනික ආතතීන්, උද්ධමන පීඩනය, බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය තත්ත්වයන් වඩාත් දැඩි වීම වැනි අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් යටතේ ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇත.

එහෙත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හමුවේ දේශීය ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් හා අවදානම් ඇති කරමින් පවතින බව, නවතම මූල්‍ය ස්ථාවරතා සමාලෝචන වාර්තාව එළි දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

අඛණ්ඩව සිදුවන ආර්ථික ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වීම සහ බැංකු හා මූල්‍ය සමාගම් ප්‍රමාණවත් ප්‍රාග්ධන හා මුදල් සංචිත පවත්වාගෙන යාම, මූල්‍ය ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

ඉරාන ධජය සහිත නෞකා 20ක් ශ්‍රී ලංකාව ආසන්නයේ

ඉරාන ධජය සහිත නෞකා 20ක් ශ්‍රී ලංකාව ආසන්නයේ

ඉරාන ධජය සහිත නෞකා 20කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට කිලෝමීටර 22කට ආසන්න මුහුදේ නවතා ඇති බව ජාත්‍යන්තර නෞකා ගමනාගමන නිවේදන හරහා සඳහන් කරයි.

මොරටුව සිට ගාල්ල දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන ධජය සහිතව යාත්‍රා කරන ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට අධික ප්‍රමාණයක් මෙලෙස නවතා ඇත.

ශ්‍රී ලංකා භූමියේ සිට නාවික සැතපුම් 12ක්, එනම් කිලෝමීටර 22ක් පමණ වන සීමාව ශ්‍රී ලංකා භෞමික ජල තීරයයි.

මෙම කලාපය තුළ ශ්‍රී ලංකා රජය⁣ට පුර්ණ ස්වෛරීභාවය සහ නීතිමය බලතල හිමිවන අතර ඉරාන නෞකා නවතා ඇත්තේ එම සීමාවට ඔබ්බෙන් වු මුහුදේ.

මේක තමයි ආණ්ඩුව.. තව වාර ගොඩක් තියෙනවා

මේක තමයි ආණ්ඩුව.. තව වාර ගොඩක් තියෙනවා

මේ ආණ්ඩුව රට ගොඩනගන බවත් මේ ආණ්ඩුව දරුවන්ගේ අනාගතය හදන බවත් මේ ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මතක තබාගන්න මේ රටේ ජනතාව තමයි මේ ආණ්ඩුව රකින්නෙත්, මේ ආණ්ඩුව ගෙනාවෙත්. එනිසා අපි හැම වෙලාවේම මේ ජනතාව එක්ක ඉන්නේ. අපි ගන්න හැම තීන්දුවක්ම කුඩා කුඩා කල්ලි වල ඕනකමට මේ ආණ්ඩුව නටවන්නත් බෑ. නැටවෙන්නෙත් නෑ.

ගන්නෙත් නෑ එහෙම තීන්දු. මේ ආණ්ඩුව හැම වෙලාවේම තීන්දු ගන්නේ මේ පොදු ජනතාව වෙනුවෙන්. එනිසා අපි හිතනවා විශාල කඩඉමකට ඇවිල්ලා තියෙනවා. ලොකු හැරවුවමකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා.

තව අවුරුදු තුනක් තියෙනවා. තව වාර ගොඩක් තියෙනවා. මතක තියාගන්න තව වාර ගොඩක් තියෙනවා. නැද්ද. තව වාර නැද්ද. තව වාර ගොඩක් තියෙනවා. මේ ආණ්ඩුව තමයි රට ගොඩනගන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි අපේ දරුවන්ගේ අනාගතය හදන ආණ්ඩුව.

මේ ආණ්ඩුව තමයි රටේ ජාතික සමගිය හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ඕනෑම අර්බුදයකට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි දූෂණයෙන් තොර පාලනයක් හදන ආණ්ඩුව.

මේ ආණ්ඩුව තමයි දූෂිතයින්ට දඬුවම් දෙන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ජාත්‍යන්තරයේ අපේ රටේ බැබළෙන දිදුලන රටක් බවට පත් කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව අවුරුදු දෙකයි රටට සුබයි. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් එකතු වෙමු.”

උණුසුම් තත්ත්වය හමුවේ තෙල් මිල ඉහළ⁣ට

උණුසුම් තත්ත්වය හමුවේ තෙල් මිල ඉහළ⁣ට

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ අද (13) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.62 දක්වා ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 106.06 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.06 දක්වා ඉහළ ගොස් ඇත.

ජනපති අනුර පෞද්ගලික ඉන්ධන සමාගම් වලට අනතුරු අඟවයි

ජනපති අනුර පෞද්ගලික ඉන්ධන සමාගම් වලට අනතුරු අඟවයි

දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පෞද්ගලික අංශ විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම සහ අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන හල් පමණක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ස්ථානවල අදාළ විවෘත කිරීම් සිදු කිරීම කඩිනම් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපි CPC ආයතනය ශක්තිමත් කරනවා. අපි නැවත පෙට්‍රල් ෂෙඩ් 75ක්, දැනට අධ්‍යනය කර හදුනාගෙන තිබෙනවා පෙට්‍රල් ෂෙඩ් 75ක් අලුතින් ආරම්භ කරන්න. අර ප්‍රයිවට් ආයතන තිබෙන තැන්වල, මොකද කොයි වෙලාවේත් මේ අනතුර අපිට තියෙනවා.

හෙට ඒගොල්ලෝ බෙදාහරින්නේ නෑ කිවුවොත් අපි මොකද කරන්නේ. ඔවුන් මත විතරයි සමහර කලාප වල තෙල් සැපයුම තියෙන්නේ. සාධාරණ නෑනේ. එනිසා අපි ස්ථාන 75ක් තෝරාගෙන අලුතින් පෙට්‍රල් ෂෙඩ් ආරම්භ කරනවා. CPC ආයතනය.

මොකද මේ බලශක්ති කේෂ්ත්‍රයේ අවිනිශ්චිත භාවයකට, අවධානමකට ලක් කරන්න කාටවත් අයිතියක් නෑ. මේක අපේ රටේ සමාජ ජීවිතයෙත්, ආර්ථික ජීවිතයෙත් ප්‍රධාන පැවැත්ම. ඒක කොහොමද සමාගමක් තීරණය කරන්නේ මම බෙදාහරින්නේ නෑ කියලා. එහෙම සමාගම් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා.”

ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

සිරගත වන භික්ෂූන් වහන්සේලා.. බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමේ තත්ත්වය

සිරගත වන භික්ෂූන් වහන්සේලා.. බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමේ තත්ත්වය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සබැඳි ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (08) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත්, පවතින නීති රාමුව තුළ නිලධාරීන් ක්‍රියා කර ඇති බවත් ජනාධිපතිතුමන් විසින් පැහැදිලි කරන ලදී. පවතින නීතිය අභිභවා තනි තනි පුද්ගලයන් උදෙසා නියෝග දීමට තමන් සූදානම් නොමැති බවත්, සිදු කළ යුතුව ඇත්තේ නීතිය වර්තමානයට අනුරූප වන පරිදි සංශෝධනය කිරීම බවත් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී මහා සංඝරත්නය වෙනුවෙන් අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් විසින් පෙන්වා දෙනු ලැබුවේ, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයටම සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බවයි.

ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවලදී, උන්වහන්සේ අයත් වන නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දී, එම නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් මත උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය විසින් යෝජනා කරන ලදී. එමගින් මෙම සහනය අවභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පෙර දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව තමන් පිළිගන්නා බවයි.

කෙසේ වුවද මෙතෙක් සිදු වූ ක්‍රියාදාමය මෙය බවත් නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේ නොවන බවත් නීති නිරන්තර සංශෝධනය වන බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේ නොමැතිව, නීති එසේම තිබියදී වෙනස් නියෝග ලබා දීමට තමන් සූදානම් නොවන බවත් එසේ වූ විට නීතිය පසෙකට වී එය තමන්ගේ නීතිය වන බවත් තමන්ගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතු බවට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, යළි කිසිදු භික්ෂූන්වහන්සේ නමක් මෙවන් තත්වයකට පත් නොවිය යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කිරීම සිදු කළ යුතු බවයි.

මේ සම්බන්ධව මහා නායක හිමිවරුන් විසින් කරන ලද යෝජනාව අනුව, විනිවිදභාවයක් ඇති වන බව පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක එය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කරන ලෙසත් සති දෙකක කාලය තුළ එම කටයුත්ත අවසන් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.

ශාසනික වශයෙන් ඉතා සංවේදී වූ මෙම ගැටලුව කෙරෙහි කඩිනමින් අවධානය යොමු කරමින්, නීතිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමන් සහ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය මහා සංඝරත්නයේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්විය.

ජනාධිපතිතුමන් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවේදී එළඹුණු අදහස පරිදි, මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනය කර බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පසුගිය (08) වැනි දිනම සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක ඇතුළත් වෙති.

මෙම විශේෂ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිරගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් සිදු කරන ලදී.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධනවල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇත.

ගුවන් ගමන් රැසක් දින කිහිපයකට අත්හිටුවයි

ගුවන් ගමන් රැසක් දින කිහිපයකට අත්හිටුවයි

සෞදි අරාබිය ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ලබන (18) වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

සෞදි අරාබිය ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

චාමර සම්පත්ට දුන් නියෝගය

චාමර සම්පත්ට දුන් නියෝගය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත දිසානායක ඔක්තෝබර් (23) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් අත්අඩංගුවට ගත්තේය.

අනුර කුරුණෑගල හොල්ලයි.. පැය 24ක් යන්නත් කලින් සජබ ප්‍රබලයා ඉල්ලා අස්වෙයි

අනුර කුරුණෑගල හොල්ලයි.. පැය 24ක් යන්නත් කලින් සජබ ප්‍රබලයා ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින්, හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය සහ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායකවරයාගේ වෘත්තිය සමිත සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල යන සියලු තනතුරු වලින් අද (12) සිට ඉල්ලා අස්වන බව අශෝක් අබේසිංහ සඳහන් කරයි.

ඊයේ (11) දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය සහ ඉබ්බාගමුවේ පැවති දැවැන්ත ජන රැළි දෙකෙන් පසුව සමගි ජන බලවේග කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය දරන අශෝක් අබේසිංහ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එනිසා ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

මේ අතර ඉදිරි වාර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංඟා ද්‍රෝණිවල ජලමට්ටම් මේ වනවිටත් ඉහළ මට්ටමක පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

විශේෂයෙන් පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංඟා ද්‍රෝණිවලද ජලමට්ටම් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල ජලමට්ටම් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඉදිරි කාලගුණ අනාවැකි අනුව මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මෙන්ම වියළි කලාපයට ජලය ගලා බසින ගංඟාවලද ජලමට්ටම් ඉහළ යා හැකි බවත් වියළි කලාපයේ ප්‍රදේශ වලට වර්ෂාව ලැබීමත් සමඟ ඇතැම් ගංඟාවල ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

එනිසා ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ජනතාව⁣ට දැනුම් දෙයි.

Follow WhatsApp Channel